අලිගැට පේර
හැඳින්වීම
ලෝරේසි ශාක කුලයට අයත් අලිගැට පේර ගස
සම්භවය වී ඇත්තේ දකුණු දිග මෙක්සිකෝවේ යයි විශ්වාස කරනු ලැබේ. ඉන්පසු එය
ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා වි‍්‍යාප්ත වී තිබේ.
ශ්‍රි ලංකාව වෙත මෙම බෝගය හදුන්වා දුන් වකවානුව කුමක්ද යන්න නිශ්ච්තව පැවසිය නොහැකි වුවත් අලිගැට පේර මෙරටට හදුන්වා දීමේ අවස්ථාවක් පිළිබදව පළමුවරට වාර්තා කර ඇත්තේ 1927 වසරේදීය. කෙසේ වුවද වසර 200කට වඩා පෙර ලන්දේසීන් සමග මෙරටට අලිගැට පේර පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ලොව පුරා ඉතා ජනප්‍රිය පලතුරක් වන මෙය නොයෙක් අන්දමෙ ආහාරයට ගත හැකිය. වැඩිම අලිගැට පේර වපසරියක් ඇති රට වන්නේ මෙක්සිකෝව සහ ඉන්දුනීසියාවයි. ඇමෙරිකාව, ඊශ්‍රාලය, දකුණු ඇමෙරිකාව මෙම පළතුර ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල්ය.
මහනුවර,මාතලේ, නුවරළිය, බදුල්ල හා කෑගල්ල වැනි දිස්ත්‍රික්කයන්හි මෙය දැනට වැඩි වශයෙන් වගා කෙරේ. මෙයට අමතරව ගම්පහ,කොළඹ,කුරුණෑගල වැනි දිස්ත්‍රික්යන්හි මේ වගාව ව්‍යාප්ත කල හැක. දැනට අප රටේ පවතින අලිගැට පේර වපසරිය අක්කර 1,500 පමණ වන අතර වාර්ෂික නිෂ්පාදනය මෙට්‍ර්ක්ටොන් 15,000 පමණ වේ.
අලිගැට පේරවල ඇති විශේෂත්වයක් වන්නේ එහි අඩංගු අධික මේද ප්‍රමාණයයි. මේදයෙහි අඩංගු අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණය අධිකය. මෙම මේදය පහසුවෙන් දිරවන සුළුය. ඒ නිසා අලිගැට පේර ආහාරයට ගැනීම නිසා ලේවල කොලෙස්ටරෝල් මට්ටමෙහි වැඩිවීමක් සිදු නොවේ යයි විශ්වාස කෙරේ.
අලිගැට පේර මදයෙන් නිස්සාරනය කර ගත හැකි තෙල් සෘජුවම ආහාරයට ගත හැකි අතර ශරීරයේ ගැල්වීම සදහාත් උසස් ගුණාත්මයේ සබන් හා ක්‍රීම් වර්ග නිෂ්පාදනයේදීත් භාවිතා වේ.
පෝෂණ අගයඅලිගැට පේර මදය 100g ක

පෝෂක | ප්‍රමාණය |
තෙතමනය | 33.6 ග්‍රෑම් |
ශක්තිය | 215 කි.කැ. |
ප්‍රෝටීන් | 1.7 ග්‍රෑම් |
මේදය | 0.1 ග්‍රෑම් |
කාබෝහයිට්‍රේට් | 7.2 ග්‍රෑම් |
කැල්සියම් | 17 මිලි ග්‍රෑම් |
පොස්ෆරස් | 13 මිලි ග්‍රෑම් |
යකඩ | 0.5 මිලි ග්‍රෑම් |
කැරොටීන් | 666 මයික්‍රො ග්‍රෑම් |
තියසින් | 40 මයික්‍රො ග්‍රෑම් |
රයිබොෆ්ලේවින් | 250 මයික්‍රො ග්‍රෑම් |
නියසින් | 0.2 මිලි ග්‍රෑම් |
විටමින් | 57 මිලි ග්‍රෑම් |
ප්‍රභේද
පොලොක්
ග්‍රොට්ෆරිස්
මෙක්සිකෝව හා බටහිර ඉන්දීය කාණ්ඩවල දෙමුහුමකි. විශාල ගෙඩි හටගනී. ගෙඩියක සාමන්‍ය බර ග්‍රෑම් 600පමණ වෙයි. මදයේ අඩංගු මේද ප්‍රමාණය 5-10% පමණවේ. ගෙඩියේ හැඩය ඕවලාකාර වන අතර එහි පැහැදිලිව වෙන් වූ පළලින් අඩු ප්‍රදේශයක් ඇත. ගෙඩි ඉදෙන විට පිට පොත්ත දම් පැහැයට හැරේ.
පේරාදෙණිය දම් පැහැ දෙමුහුම්
ස්වභාවිකව හටගත් මව් ගසකින් බිහිවූ පරපුරකි. මෙම ප්‍රභේදය දැන් අප රටේ එතරම් පහසුවෙන් සොයා ගත නොහැක. රවුම් හැඩති මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි ඉදෙන විට දම් පැහැයට හැරේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 300-350 පමණ වේ.
ෆර්ටේ
මෙක්සිකානු හා ගෝතමාලානු කාණ්ඩ අතර
දෙමුහුමකි. කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇති ගෙඩියක
සාමාන්‍ය බර ග්‍රෑම් 225-350 පමණ වේ. තුනී පිට පොත්ත රළුය, එහි කුඩා කහපාට
තිත් විහිදී තිබේ. මදයේ අඩංගු මේද ප්‍රමාණය 18%-26% පමණ වේ.
සිමන්ඩ්ස්
සිමන්ඩ්ස්
බටහිර ඉන්දියානු කාන්ඩයට අයත්
ප්‍රභේදයකි. තරමක් විශාල ගෙඩි ඕවලාකාරය. ග්‍රෑම් 450 පමණ බරය. පිට පොත්ත
සිනිදුය. දිලිසෙන සුළුය. ගෙඩි ඉදෙන විට පිට පොත්ත කහ පැහැති කොළ පැහැයට
හැරේ.
ටවර් -02
ටවර් -02
ගෙඩියේ හැඩය රවුම් දිගටි වන අතර සාමාන්‍ය බර 375 ග්‍රෑම් පමණ වේ. ගෙඩිය ඉදෙන අවස්ථාවේදී පිට පොත්තේ කොළ පැහැය නොවෙනස්ව පවතී.
බූත් - 07
බූත් - 07
ගෝතමාලානු හා බටහිර ඉන්දීය කාණ්ඩ දෙක අතර දෙමුහුමකි. අධික අස්වැන්නක් ලබා දේ. ඉදෙන අවස්ථාවේදී පිට පොත්ත කොල පැහැතිය.
හෑස් (Hass)
හෑස් (Hass)
- ඉහල පෝෂණ ගුණයකින් හා ඖෂධීය ගුණයෙන් යුක්තය.
- මේදය 10% පමණ ඇත.
- මෙම ප්‍රභේදයේ ගෙඩිවල පොත්ත ඝනකම්ය.
- පලතුරු මැස්සාගේ හානියට ප්‍රතිරෝධීය.
- පසු අස්වනු හානිය අඩුය.
- විදේශීය වෙළඳපලෙහි විශාල ඉල්ලුමක් ඇත.
අලිගැට පේර කාණ්ඩ
අලිගැටපේර බෝගයේ මෙක්සිකාණු, ගෝතමාලා සහ බටහිර ඉන්දියානු වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනක් හදුනාගෙන තිබේ.
මෙක්සිකානු හා ගෝතමාලා කාණ්ඩවලට අයත් ගස්වල සම්බන්ධ මුහුදු මට්ටමේ සිට උසින් වැඩි කදුකර ප්‍රදේශ වන අතර බටහිර ඉන්දීය කාණ්ඩය සම්භවය වී ඇත්තේ පහත් බිම් සහිත ප්‍රදේශ වලය.
මෙක්සිකාණු කාණ්ඩය පහසුවෙන් හදුනා ගත හැකි වන්නේ එහි පත්‍ර අතින් පොඩි කල විට හමන විශේෂිත සුවද මගිනි. මේ කාණ්ඩයට අයත් ගස්වල හටගන්නා ගෙඩි කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයෙන් යුතුය. සිනිදු තුනී පොත්තක් සහිතය. මදයේ අඩංගු මේද ප්‍රමාණය වැඩිය.
ගෝතමාලා කාණ්ඩයට අයත් ගෙඩි වල පොත්ත රළුය. එය තුනී හෝ ඝන විය හැක.
බටහිර ඉන්දියානු කාණ්ඩයේ ශාක වල හටගන්නා ගෙඩි වල පොත්ත මධ්‍යස්ථ ඝනකමක් සහිතය. මේද ප්‍රමාණය අඩුය. අප රටේ බහුලව වගා කරන්නේ මේ කාණ්ඩයට අයත් ප්‍රභේදයි.
දේශගුණික අවශ්‍යතා
මෙය තෙත් කලාපීය ප්‍රදේශ සදහා වඩා යෝග්‍ය බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ට පමණ දක්වා වූ ප්‍රදේශ වල හොදින් වගා කල හැක. සමහර ප්‍රභේද වියළි කලාපයේ ජල සම්පාදන පහසුකම් යටතේ වගා කිරීමට හැකියාව තිබෙන බව පෙනේ. සාමාන්‍යයෙන් දිවා සහ රාත්‍රී උෂ්ණත්ව පරතරය අංශක 4-8 පමණ වූ සෙන්ට්‍රිගේඩ් 30 ට අඩු උෂණත්වයක් තිබීම වගාව සදහා ඉතා සුදුසුය. තවද වාර්ෂික වාර්ෂාපතනය මිලිමීටර් 1200-1300 තිබීමද වගාවේ සාර්ථකත්වට වැදගත්ය. වියළි කලාපය අලිගැට පේර වගාවට නුසුදුසුය.
පස
හොදින් ජලය බැස යන ලෝම පස වගාව සදහා වඩා සුදුසුය. ජලය රදා පවතින පස් වල ඉතා පහසුවෙන් මුල් වලට රෝගය වැළදේ. ශාක අවට ප්‍රදේශයේ දිනකට හෝ දෙකකට පමණ වඩා ජලය රදා පැවතියහොත් ගස් මැලවී යාමට පුළුවන. පසේ තිබිය යුතු Ph අගය 5.7 පමණ වේ.
රෝපණ ද්‍රව්‍ය
සිටුවීම සදහා බීජ හෝ බද්ධ පැළ යොදා ගත හැකිය. බීජ පැළ සිටුවීම මගින් ඇති කරගත් වගාවන්හි උසස් ඵලදාවක් හෝ වැඩි ගුණාත්මයක් සහිත ගෙඩි ලබා ගැනීම පිළිබදව ඇති හැකියාව පිළිබදව හෝ නිශ්ච්ත වශයෙන් තීරණය කළ නොහැකිය. දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අලිගැට පේර ගස් බොහෝමයක් මේ අන්දමට බීජ පැළ වලින් ඇතිවූ ඒවාය.
බද්ධ පැළ නිපදවා ගැනීම සදහා අංකුර බද්ධය හා රිකිලි බද්ධය යන බද්ධ ක්‍රම දෙකම ප්‍රධාන ලෙස යොදා ගනී.
බීජයක් ප්‍රරෝහණයවී හටගන්නා පැළයට සති 6-8 කදී පමණ රිකිලි බද්ධය කල හැකිය. නමුත් අංකුර බද්ධය සදහා ග්‍රාහක පැලය යෝග්‍ය තත්ත්වයට පත්වන්නේ සති 28-32 ගතවූ පසුවය.
ග්‍රාහක පැළ නිපදවා ගැනීම
පොලිතීන් බදුන්
අලිගැට පේර පැළ බදුන් කිරීම සදහා සෙ.මී. 20 පමණ විශ්කම්භයක් ඇති සෙ.මී. 30 පමණ උස්වූ පොලිතීන් බදුන් සකසා ගන්න. මේ සදහා යොදා ගත යුත්තේ ගේජ් 300 පමණ වු පොලිතීන්ය. පොලිතීනයේ වර්ණය කළු හෝ විනිවිද පෙනෙන සුළු හෝ විය හැකිය.
බදුන් මිශ්‍රණය
අලිගැට පේර සදහා පහත බදුන් මිශ්‍රණ යොදා ගත හැක.

- ග්‍රාහක පැළ නිපදවා ගැනීමට යොදා ගන්නා බීජ විශාල වන තරමට සුදුසුය.
- එහි බීජ බර ග්‍රෑම් 50-60 වත් විය යුතුය.
- ගෙඩි වලින් ඉවත් කල පසු ජීවියතාවය අඩුවන නිසා හැකි ඉක්මනින් බීජ සිටුවීම සුදුසුය.
- බීජ සිටුවීමට පෙර කැප්ටාන් ද්‍රවණයක විනාඩි 05ක් පමණ ගිල්වා තබන්න.
- පොලිතීන් මළු වල හෝ තවානක සිටුවා පසුව දිරිමත් පැළ පමණක් පොලිතීන් බදුන්වල සිටුවිය හැක.
පොලිතීන් බදුන්
අලිගැට පේර පැළ බදුන් කිරීම සදහා සෙ.මී. 20 පමණ විශ්කම්භයක් ඇති සෙ.මී. 30 පමණ උස්වූ පොලිතීන් බදුන් සකසා ගන්න. මේ සදහා යොදා ගත යුත්තේ ගේජ් 300 පමණ වු පොලිතීන්ය. පොලිතීනයේ වර්ණය කළු හෝ විනිවිද පෙනෙන සුළු හෝ විය හැකිය.
බදුන් මිශ්‍රණය
අලිගැට පේර සදහා පහත බදුන් මිශ්‍රණ යොදා ගත හැක.
මතුපිට පස් | වැලි | කොම්පෝස්ට් | |
1 | 2 | 3 | |
මතුපිට පස් | වැලි | කොම්පෝස්ට් | කොහුබත් |
1 | 3 | 1 | 1/2 |
මතුපිට පස් | වැලි | කොම්පෝස්ට් | ලී කුඩු |
1 | 2 | 1 | 1 |
- | 1 | 1 | 1 |
- | 1 | - | 1 |
මතුපිට පස් | වැලි | කොම්පෝස්ට් | රටකජු පොතු |
1 | 2 | 1 | 1 |
පැල වර්ධන වේගවත් කර ගැනීම සදහා
පොලිතීන් බදුන් 150 පමණ සදහා යන බදුන් මිශ්‍රණයට එන්.පී.කේ. පොහොර කිලෝ
ග්‍රෑමයක් කලවම් කර ගත හැක. එසේම මසකට වරක් රසායනික පොහොර මිශ්‍රණය
ග්‍රෑමයක් පමණ ප්‍රමාණයක් එක් බදුනකට දැමීමද පැළ වල වේගවත් වර්ධනයට හේතු
වේ.
පැල බදුන් කිරීම
බීජ පැලවී සති 2-3 පමණ ගතවූ පසුව පොලිතීන් බදුන් වල සිටුවන්න. තවානේ ඇති පැල වලට මුල් කුනුවීමේ රෝගය වැලදී තිබුනහොත් බදුන්වල සිටුවීමෙන් පසුවද මෙම රෝගය බෝවීමට පුළුවන. එම නිසා පැළ දිලීර නාශක ද්‍රවනයක විනාඩි 05 පමණ ගිල්වා සිටුවන්න.
පැළ බදුන් කර සති 6-8 ගතවූ පසු රිකිලි බද්ධය සදහා සුදුසු තත්ත්වයකට පත්වේ. මෙසේ බද්ධ කිරීමට යෝග්‍ය අවස්ථාව වන්නේ පැලයේ කදේ වර්නය රතු පැහැයේ සිට කොල පැහැයට හැරෙන අවස්ථාවේදීය.
බද්ධ කිරීම
අනුජ තෝරා ගැනීම
තෝරාගත යුත්තේ මව් ශාක වලින් ලබා ගන්නා අනුජ වශයෙන් ලබා ගන්නා රිකිලි කපාගත යුත්තේ සෘජුව වර්ධනය වන, හොදින් හිරු එලියට නිරාවරනය වූ අතු වලිනි. තෝරා ගන්නා රිකිල්ලේ කෙළවර පත්‍ර හොදින් මෝරා තද කොල පැහැතිව තිබීම වැදගත්. බද්ධ කරන රිකිලි ආවරණය වනසේ විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගැනීම හෝ ප්‍රොපගේටරයක් තුල තැම්පත් කිරීම සිදුකල හැක.
බීජ සිටුවීමේ අවස්ථාවේ සිට පැලයක් බද්ධ කර ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයට පත්වීම සදහා මාස 4-6 පමණ කාලයක් ගතවේ.
ක්ෂේත්‍රය සැකසීම
ඉඩම පිරිසිදු කර සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම යොදා 60 x 60 x 60 ප්‍රමාණයේ වලවල් කපා ගන්න. පසුව පැළ සිටුවීමට සති 02 පමණ පෙර මතුපිට පස් හා කොම්පෝස්ට් පොහොර යොදා ගෙන .. රසායනික පොහොරද කලවම් කර ගන්න.
පරතරය
මීටර් 6-8 අතර වෙනස් කළ හැකිය.
මේ පරතර සදහා අක්කරයකට පැළ 60-80 සංඛ්‍යාවක් අවශ්‍ය වේ.
පැළ සිටුවීම
වර්ෂා කාලයේදී පැළ සිටුවන්න. පැළ සෘජුව වර්ධනය වීමට ආධාරකයක් සිටුවා පැළය එයට ප්‍රවේශමෙන් ගැටගසන්න. පස වියළි යෑම වැළැක්වීමට වසුනක් යොදන්න.
වල් පැලෑටි පාලනය
ගස් පේලි අතර ඇති වල් වීසිකැත්තකින් වරින් වර කපාගන්න.
රසායනික පොහොර නිර්දේශය
රසායනික පොහොර යෙදීමට අවම වශයෙන් සති 02 පමණ පෙර එක් ගසකට ඩොලමයිට් කි.ග්‍රෑම් 02 පමණ යොදන්න.
රසායනික පොහොර වලට අමතරව හැකි සෑම විටම කාබනික පොහොර යොදන්න.
සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට පොහොර යෙදිය යුත්තේ මල් හට ගැනීමට පෙර හා ඵල හටගෙන මාසයක් පමණ ගතවූ පසුවය.

ආකාරය | යොදන කාලය | වර්ගය | ප්‍රමාණය | ||||||
හුණු යෙදීම | සිටුවීමට සති 02 පෙර | ඩොලමයිට් | ග්‍රෑම් 500 වලකට | ||||||
කාබනික පොහොර යෙදීම | සිටුවීමට සති 2 පෙර | කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් | කිලෝ ග්‍රෑම් 10 | ||||||
රසායනික පොහොර | වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකට |
පෝෂක ප්‍රමාණය ග්‍රෑම් පැලයකට |
|||||||
යුරියා | TSP | MOP | N | P 2O5 | K 2 O | MgO | |||
සිටුවීමට පෙර | 120 | 225 | 100 | - | 55 | 63 | 60 | - | |
පළමු අවුරුද්දමාස 4 වරක් | 40 | 75 | 35 | - | 19 | 21 | 21 | - | |
02වන අවුරුද්ද මාස 4 වරක් | 80 | 150 | 70 | - | 37 | 42 | 42 | - | |
03වන අවුරුද්ද මාස 4 වරක් | 110 | 225 | 90 | - | 50 | 63 | 54 | - | |
ගෙඩි හටගන්නා ගස් සදහා | |||||||||
ප්‍රධාන අස්වැන්න ගත් විට | 450 | 550 | 260 | 100 | 207 | 126 | 156 | 24 | |
මල් හටගැනීමෙන් පසු | 150 | 550 | 260 | - | 69 | 126 | 156 | - |
මල් හටගැනීම හා පරාගනයවගා කර ඇති ස්ථානය, කාළගුණය, ප්‍රභේදය සහ පසුගිය වසරේ ලබා දුන් අස්වැන්න වැනි කරුණු මත අලිගැට පේර ගසක මල් හට ගැනීම තීරණය වේ.
මල් වල ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කාණ්ඩ දෙකකට අලිගැට පේර ශාක බෙදා තිබේ.
මෙයින් "A" දර්ශයට අයත් ශාකවල මල් විවෘත වු දින උදය වරුවේ එහි ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන අතර, මෙම කාලය තුලදී වෙනත් මල් වලින් පිට වන පරාග කලංකය මත රදවා ගෙන පරාගනය සම්පූර්ණ කර ගනී. නමුත් මෙම මල් වල පරාගධානි ක්‍රියාකාරී බවට පත්වන්නේ පසු දින සවස් වරුවේදීය.
"B" දර්ශයට අයත් ශාකවල ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන්නේ සවස් වරුවේ මල් විවෘත වූ විටය. එවැනි මල්වල පරාගධානි මගින් පසු දින උදය වරුවේදී පරාග මුදා හරී.
මේ හේතුව නිසා අලිගැට පේරවල ස්වභාවිකවම ස්වපරාගනය වීම වැලකී තිබේ හෝ සීමාවී තිබේ. එම නිසා ගෙඩි හටගැනීමට නම් මේ ආකාර දෙකටම අයත් ගස් සිටුවිය යුතුය.
නමුත් සිසිල්, අදුරු කාළගුණයකදී ස්ව පරාගනය සිදුවීම දක්නට ලැබේ. එවිට එක් ගසක් තිබීමෙන් වුවද ගෙඩි හොදින් හට ගනී.
පුහුණු කිරීම හා කප්පාදු කිරීම
පැළයක් සිටුවීමෙන් පසුව එයට මනා හැඩයක් ලැබෙන ආකාරයට සකස් කර ගැනීමට කටයුතු කල යුතුය. ගස් ක්‍රමයෙන් වර්ධනය වන විට පොළව සමග ස්පර්ෂ වන අතුද, දුර්වල අතු ආදිය කපා ඉවත් කරන්න. සෑම දිශාවකටම අතු විහිදීමට සලස්වන්න.
පාලන කටයුතු සහ අස්වැන්න නෙලීම පහසු කර ගැනීමට උස සාමාන්‍යයෙන් 4 1/2 - 5 1/2 පමණ මට්ටමක පවත්වා ගත යුතුය.
පළිබෝධ පාලනය
අතු විදින ගුල්ලා
තවාන් පැළ වලට දරුණු හානියක් ඇති කරන නිසා පැළ මැරී යයි.
වැඩෙන ගස් වල අතු සහ රිකිලි ආදිය මිය යාමට ඉඩ ඇත.
පාලනය
තවානේ පැල බදුන් වලට කාබෝෆියුරාන් වැනි කෘමිනාශකයක් යෙදිය යුතුය.
වැඩුණු ගස් වල මැරී යන කොටස් කපා පුළුස්සන්න.
පලතුරු මැසි විශේෂ
පලතුරු මැසි හානිය නිසා ගෙඩි වල මතුපිට ප්‍රදේශයට පමනක් හානි ඇතිවේ. ගෙඩිය ඉදෙන අවස්ථාවේ ඒ තුල කීටයා වර්ධනයවී මාංශලය කා දමයි. ගෙඩියේ හානි වූ ස්ථාන වල කැලැල් හටගන්නා නිසා වෙළද අගය අඩුවෙයි.
මේ සදහා ෆෙරෝමොන් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු උගුල් කිහිපයක් වගාව තුල තබන්න.
රෝග පාලනය
මුල් කුණු වීම
පයිටොප්තෙරා සිනමෝම් නම් පාංශු දිලීර නිසා හටගත හැකි දරුණු රෝගයකි. දිලීරය පසේ ජීවත් වෙමින් අළුත් මුල් වලට හානි පමුනුවයි. හානිය දරුනු වූ විට මැරී යයි.
පාලනය
පසේ ජලවහනය දියුණු කිරීම
පාංශු දිලීර නාශකයක් ගස වටා ඇති ප්‍රදේශයේ පස තෙමී යන සේ යොදන්න.
පොටෑසියම් පොස්ෆොනේට් නම් රසායනික ද්‍රව්‍ය ගසේ කදට එන්නත් කරන්න.
ඇන්ත්‍රැක්නෝස් රෝගය
උණුසුම් තෙත් කාළගුණික තත්ත්ව යටතේදී ගෙඩි හා පත්‍ර වලට හානි පැමිණිය හැක. මේ සදහා තඹ අඩංගු දිලීර නාශකයක් ගෙඩි හටගැනීමට ආරම්භ වූ අවස්ථාවේ සිට කිහිපවරක් යෙදීමෙන් පාලනය කරගත හැකිය.
ගෙඩි කුනු වීම
අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ගෙඩි වලට වැළදිය හැකි රෝගයකි. දිලීර ගණනාවක්නිසා මෙය හට ගනී. නෙලා ගත් ගෙඩි වල නටුව ආසන්න ප්‍රදේහයේ පිට පොත්ත හා මදය කුණු වීමට පටන් ගනී.
මේ රෝගය පාළනයට ගෙඩිය නටුව සමග නෙලා සුදුසු දිලීර නාශකයක ගිල්වා වෙලද පොලට යවන්න.
අස්වනු නෙලීම
අලිගැට පේර ගෙඩි ගසේ තිබියදී ඉදීම සිදු නොවේ. ගසේ මල් හට ගැනීම සති 4-6 පමණ කාලයක් තුල සිදු වේ. එම නිසා බොහෝ ගස් වල විවිධ වර්ධන අවස්ථාවල ඇති ගෙඩි දක්නට ලැබේ. නිසි මට්ටමට මෝරා ඇති ගෙඩි නෙලා ගත් විට සතියකදී පමණ ඉදීමට පටන් ගනී. හොදින් වැඩුණු ගෙඩි නෙලා ගත යුත්තේ නටුවේ කොටසක් ගෙඩියට සම්බන්ධ වන ආකාරයටය. එවිට ගෙඩි කුණුවීමට ඇති ඉඩකඩ අඩුය.
අස්වැන්න
ගසකින් ලබා ගත හැකි අස්වැන්න ප්‍රමාණය වගා කර ඇති ප්‍රභේද, ගසේ වයස හා දේශගුණික සාධක හා මනා නඩත්තු කටයුතු අනුව විශාල වශයෙන් වෙනස් වේ.